Wednesday, November 27, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ




2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රී නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

මේ අතර ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔක්තෝබර් මස පළමු වනදා සිට ඔක්තෝබර් මස 14 වන දින දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සිදුකරන ලබනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් හාර ලක්ෂ 52,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් තුන් ලක්ෂ 87,648ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා.

පෞද්ගලික අයදුම්කරුවන් ලෙස 65,331 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.