Wednesday, November 27, 2024

General line - 0115112241

විවිධ චෝදනාවලට සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් උත්තර




ඇතැමුන් විවිධ චෝදනා එල්ල කළද සිය දෙපාර්තමේන්තුව සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ නියමිත ක්‍රමවේදයට බව සුරාබදු කොමසාරිස් ජනරාල්  එම් ජේ ගුණසිරි මහතා පවසනවා.

නියමිත ක්‍රමවේදයන්ට අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට සුරාබදු බලපත්‍ර 172ක් නිකුත් කළ බවයි ඔහු කියා සිටියේ.

එම බලපත්‍ර නිකුත් කිරීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවුණු බවද ඔහු කියා සිටියා.


සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු රටින් පළා යාමට සූදානම් වන බවට පැතිර යන කටකතාවලට ද ඔහු ප්‍රතිචාර දැක්වූවා.