Wednesday, November 27, 2024

General line - 0115112241

අධ්‍යාපනය දේශපාලනීකරණයෙන් මුදවා ගත යුතු බව අගමැතිනිය කියයි




දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවාගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

රජයක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් දැක්විය යුතු සියලු සහයෝගයන් සහ මඟපෙන්වීම් ලබාදීමට රජය සූදානම් බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

රැකියාවක් කිරීමට පමණක් අධ්‍යාපනය ලබා නොදී ගුණගරුක සමාජයක් බිහි කිරීමට මෙන්ම රට භාරගත හැකි, රට වෙනස් කළ හැකි, රට හැදිය හැකි නායකත්වය දිය හැකි පුරවැසියන් බිහිකළ යුතුයි.

එය පෙරදැරිව අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.

එමෙන්ම  පවුලේ ආර්ථික මට්ටම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට බාධාවක් නොවිය යුතු බවයි ජාතිත පාසල් 396හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති වැඩමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.