Wednesday, November 27, 2024

General line - 0115112241

විදෙස් තානාපති කාර්යාලවල දේශපාලන පත්කිරීම් වහාම අවලංගු කිරීමට නියෝග 




තානාපති කාර්යාල හා සම්බන්ධ විදෙස් සේවයට ලබාදී ඇති සියලු දේශපාලන පත්කිරීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම දේශපාලන පත්කිරීම් අතුරින් බොහෝමයක් හිටපු මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් හා හිතවතුන් වන බවත් ඔවුන් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් හෝ පළපුරුද්දක් සහිත අය නොවන බවයි අනාවරණය වී ඇත්තේ.

 එසේම එවැනි පත්කිරීම් විදෙස් තානාපති කාර්යාලවලට කිසිදු ප්‍රයෝජනයක් නොවන බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රජයට පෙන්වා දී  තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම දේශපාලන හිතවත්කම් හා ඥාති සම්බන්ධතා මත සිදුකළ ඇති සියලු විදෙස් සේවයේ නිරත පුද්ගලයන් මෙරටට කැඳවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.