Sunday, September 29, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකාවට - දෙවන ස්ථානය කොළඹට හිමි වෙද්දී තෙවන ස්ථානය කුරුණෑගලට

එන් ඒ ඩබ් නිරෝෂන්




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව සමත්වී තිබෙනවා.

දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීර යන සිසුවියන්ට හිමිව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ සිව්වන ස්ථානය සිසුවියන් තිදෙනෙකු හිමිවී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක යන සිසුවියන් සිව්වන ස්ථානයට පත්ව ඇති බවයි. 

හත්වන ස්ථානය හිමිකර ගැනීමට ද සිසු සිසුවියන් සිව්දෙනෙකු තේරී පත්ව තිබෙනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ නිම්දිනී වොනාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ සහ මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම යන සිසු සිසුවියන් එම ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ සිසු සිසුවියන් වනවා.

දිවයිනේ සිව්වන ස්ථානය ලබාගත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සිසුවිය ඇය ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.


හත්වන ස්ථානය දිනාගත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ නිම්දිනී වොනාරා අධිකාරි සිසුවිය ද ඇගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.


දිවයිනෙන්ම සිසුන් දහතුන්දාස් තුන්සිය නව දෙනෙකු ් සාමාර්ථ නවයම ලබා ගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

එය ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරට සාපෙක්ෂව ඉහළ අගයක පවතිව බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.