Sunday, September 29, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තුවල මිල ගණන් පහළට




අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර ආශ්‍රිත ආහාරවල මිල ගණන් පහළ දමන බව ශ්‍රී ලංකා ආපනශාලා සහ අවන්හල් මිහියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල මිල ගණන් ද රුපියල් 40කින් අඩුකරන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ.

එමෙන්ම බිත්තර රෝල්ස් රුපියල් 20කින් සහ බිත්තර රොටී රුපියල් 30කින් පවතින මිල ගණන් යටතේ අඩු කිරීමට නියමිතයි.