Wednesday, November 27, 2024

General line - 0115112241

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි - දරුවන්ගේ නිදහසට පවතින බාධාවක් පිළිබඳ විද්වතෙකු පහදයි




ශ්‍රි ලංකාව ලෝක ළමා දිනය අද සමරනු ලබන්නේ මෙරට ළමුන්ද විවිධ අභියෝගයන්ට මුහුණ පා සිටින පසුබිමක් තුළයි.

එමෙන්ම පවතින ආර්ථික තත්ත්වය සහ අධ්‍යාපන ක්‍රමය හරහා ළමුන්ගේ නිදහස ද අහිමිවී ඇති බව සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා.


දරුවන්ට ළමා කාලය අහිමි වුවහොත් එය ඔවුන්ගේ අනාගතයට ද බලපෑම් එල්ලකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


වර්තමානයේ වැඩිහිටියන් ද අසරණ තත්ත්වයට පත්ව සිටින බවද ඔහු කියා සිටියා. 


ඒ අනුව වැඩිහිටියන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමද වැදගත් බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා වැඩිදුටත් පැවසුවේ.