Wednesday, November 27, 2024

General line - 0115112241

සාමාත්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි




2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාත්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අද සිට අයදුම්පත් යොමුකල හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම අයදුම්පත් භාර ගැනීම ලබන 14 වනදායින් අවසන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර දේශීය සහ විදේශීය භාවිතය සඳහා මෙම විභාගයේ සහතික පත්‍ර ලබා ගැනීම සඳහා අද සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

2023 වසරට අදාළ අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හාර ලක්ෂ 52,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

පළමු වරට විභාගය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් තුන් ලක්ෂ 22,537ක් අතරින් දෙලක්ෂ 44,228ක් උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

සියලු විෂයන් සඳහා ් 9 සාමාර්ථ ලබාගත් අපේක්ෂකයින් සංඛ්‍යාව 13,309ක්.

සියලු විෂයන් අසමත් සිසුන් ප්‍රතිශතය සියයට 2යි දශම 1යි 2ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.