Friday, October 11, 2024

General line - 0115112241

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ පිහිටි තිරිවානා නිධියක කැණීම් සම්බන්ධයෙන් අධිකරණයට පොරොන්දුවක්

උදය කුමාර




ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ පිහිටි තිරිවාන නිධියේ කැණීම් සම්බන්ධයෙන් නොවැම්බර් මස 14 වනදා තෙක් ඉදිරි පියවර කිසිවක් නොගන්නා බවට නීතිපතිවරයා ඇතුළු පාර්ශවකරුවන් විසින් අද අභියාචනාධිකරණයට  පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ, අදාළ නිධියේ කැණීම් කටයුතු සිදු කිරීමට තමන්ට ලබා දී තිබූ අනුමැතිය අවලංගු කිරීමට 2022 වසරේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් සමාගමක්  විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි.

සෝභිත රාජකරණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 14 වන දා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.