Wednesday, November 27, 2024

General line - 0115112241

පොහොර සහනාධාරය ගැන හිටපු කෘෂිකර්ම ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්




පොහොර සහනාධාරය අත් හිටුවීමෙන් වළකින ලෙසත් එය ගොවි ජනතාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන ලෙසත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා අද දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියා.

මෙතෙක් රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය මෙවර මහ කන්නයේ දී රුපියල් 25,000ක් දක්වා ඉහල නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එය ඔක්තෝබර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් මැතිවරණ නීතිය යටතේ මහ මැතිවරණය අවසන් වන තෙක් පොහොර සහනාධාරය ලබා දීම අත් හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ පොහොර සහනාධාරය ලබා නොදුනහොත් ලබන මහ කන්නයේදී වී අස්වනු පහළ යා හැකි බවයි.