නාවලපිටිය ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පැති බැම්මක් කඩා වැටිමෙන් එම පැති බැම්මට පහළින් පිහිටි වතු නිවාස පේලියක පදිංචි පවුල් තුනක සමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
නාවලපිටිය සොයිසාකැලේ නගර සභා වතු නිවාස පේලියක රැඳී සිටි පිරිසක් එලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පැති බැම්ම කඩා වැටීමෙන් එක් වතු නිවසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, පවතින අධික වර්ෂාවත් සමඟ වැසි ජලය සෙසු නිවාස වලට ද කාන්දු වන හෙයින් එම නිවාස වල පදිංචිකරුවන් ද ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.