Wednesday, November 27, 2024

General line - 0115112241

සජබය පැරදුනේ ගත්ත වැරදි තීරණ නිසා




සමගි ජනබලවේගය ගත් ඇතැම් වැරදි තීන්දු පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට බලපෑ බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සමගි ජන බලවේගයට හා එක්සත් ජාතික පක්ෂයට වඩා ජාතික ජන බලවේගයේ සංවිධානගත වීම ශක්තිමත් වූ බවයි. 

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීම තම කණ්ඩායමේ සැලැස්ම වී ඇති බවද ඔහු මෙහිදී පැවසුවා. 

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.