Wednesday, November 27, 2024

General line - 0115112241

නතර කළ පොහෙර සහනාධාරය ගොවීන්ට දෙන්නැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂත් ඉල්ලයි

හේරත් ඒකනායක




ගොවීන් ඉල්ලා සිටින පොහොර සහනාධාරය ඔවුන්ට ලබාදීම සුදුසු බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ බී ගුණරත්න මහතා පවසනවා.

රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීම මැතිවරණ කොමිසම විසින් තාවකාලිකව අත්හිටවූයේ මහමැතිවරණය ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන්.

කෙසේවෙතත්, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පවසන්නේ මීට පෙර තීරණය කරන ලද රුපියල් 15,000ක් හෝ ලබා දී ගොවීන්ට තමන්ගේ වගාව කරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස තමන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බවයි.

පළමුව රුපියල් 15,000ක් ලබාදී, වැඩිකළ රුපියල් දස දහසක මුදල මැතිවරණ දිනයෙන් පසුව ලබාදීමේ පදනම මත කටයුතු කළහොත් ගොවීන්ට සාධාරණයක් ඉෂ්ට වන බවද හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ බී ගුණරත්න මහතා පවසනවා.