Wednesday, November 27, 2024

General line - 0115112241

ලෙබනනයේ රැකියාවලට ශ්‍රී ලාංකිකයින් යැවීමත් අත්හිටුවයි




රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලෙබනනය වෙත යැවීම තාවකාලිකව නතර කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ රැකියා සඳහා නව ලියාපදිංචි කිරීම් කිසිවක් මේ වන විට සිදු නොවන බවයි.

ඊශ්‍රායලයේද යුද ගැටුම් පවතින බැවින් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගෙන තිබේද?

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ පමණක් රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 20,000කට ආසන්නයි.