Wednesday, November 27, 2024

General line - 0115112241

IMF ගිවිසුම වෙනස් කරන්න ආණ්ඩුවට බෑ - හර්ෂ කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුම මීට පෙර ප්‍රකාශ කළ පරිදි වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ නියෝජිතයින් ඊයේ මුණගැසුණා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනට අදාළව ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමටයි. 

ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කළ බවත් ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම පිළිබඳ මෙය තීරණාත්මක පියවරක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.