රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩු වීම හේතුවෙන් ආනයන භාණ්ඩවල මිල අඩු වීමට ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
කෙසේවෙතත් එලෙස මිල සහනයක් ලැබීමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
ගෝලීය වශයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් උදාකරගත හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.
මාස 15කට පසු රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ පළමු වරට රුපියල් 300 සීමාවට වඩා අඩු වුණා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අද දිනයේ විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 291යි ශත 94ක් ලෙස දැක්වුණා.
එහි විකුණුම් මිල රුපියල් 301යි ශත 16ක් ලෙසයි සටහන් වුණේ.