දිගු කලක සිට නීති විරෝධීව අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, ඊච්චන්කුලම්, සුන්දරපුරම් ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකට අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම වැටලීමේදී අයිස් ග්රැම් 30යි මිලි ග්රැම් 830ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
එම අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම ලක්ෂ හතරක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සුන්දරපුරම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ඊච්චන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේ.