Friday, October 4, 2024

General line - 0115112241

කාර්යක්‍ෂම සේවයක් වෙනුවෙන් කැපවෙන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනපති කියයි




කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන්  තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව  අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටියා.

ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයට විශාල කාර්ය භාරයක් පැවරෙන බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.