Friday, October 4, 2024

General line - 0115112241

පොහොර සහනාධාරය ලබා දීමේ කිසිදු ගැටලුවක් නැහැ - කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්




වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොනැගෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අද පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පොහොර සහනාධාරය ලබා දෙන ක්‍රමවේදය සම්බන්ධයෙන්ද එහිදී කරුණු පැහැදිලි කෙරුණා. 

මේ අතර පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයන් පිළිබඳව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පළ කළේ මෙවන් අදහසක්.