Friday, October 4, 2024

General line - 0115112241

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස කිරීමේ සිද්දියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට




මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන ආකාරයෙන් පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු ලබන මස 10 දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කළා.