පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී කුසලානය ලකුණින් පිහිටුවා ගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය එළඹෙන මහ මැතිවරණය සඳහා සියලුම දිස්ත්‍රික්කවලට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම පක්ෂයේ විධායක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීයි. පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වා තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණයට පොදු ලකුණකින් සිය අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කෙරුණු බවයි පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ මහලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ.
මේ අතර පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ නව ලේකම්වරයා ලෙස එම පක්ෂයේ විධායක සභාව විසින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති බව එම කොමිසම සඳහන් කළා.