කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 08වන දිනය අදයි.
පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා අද දිනයේද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පාඨක ජනතාව වෙනුවෙන් විවෘත වනවා.
ලබන 06 වනදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මේ වන විටත් ලක්ෂ අටකට අධික පිරිසක් සම්බන්ධ වී ඇති බවයි ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පැවසුවේ.
මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත පැමිණෙන ඔබට, දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාවක් උදා කර දී තිබෙනවා.
ඒ අනුව ප්‍රදර්ශන පරිශ්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් කුටියට පැමිණ එහි ස්ථාපිත පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමෙන් ඔබටද මෙම මහඟු අවස්ථාවට සම්බන්ධ විය හැකියි.
ඊයේ දිනයේද පාඨක ජනතාවගෙන් ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමි වුණා. පැමිණ සිටි පාඨක ජනතාව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ මෙලෙසයි.