ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට වත්මන් රජයට හැකි බව ආර්ථික විද්වතුන් පවසනවා.
ඒ අනුව එම එකඟතාවන් වඩාත් ගැළපෙන ආකාරයට රට තුළ ක්‍රියාත්මක කිරීමට හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින ගිවිසුම ස්ථාවර ලෙස පැවතිය යුතු බවට ඇතැමුන් පළ කරන අදහස් පදනම් විරහිත ප්‍රකාශ බවද මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පෙන්වා දුන්නා.