Wednesday, November 27, 2024

General line - 0115112241

ලක්ෂ 30ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් STF භාරයට




නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කල්මුණේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

දුම්වැටි 20,000කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කල්මුණේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.