හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් විභාගය සඳහා දෙසැම්බර් මස 02 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
ඒ, එම නඩුව ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53 කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ එවක ස.තො.ස ආයතනයේ සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.