Wednesday, November 27, 2024

General line - 0115112241

කොටස් වෙළඳපොළේ දැවැන්ත පිම්මක්




කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 12,000සීමාව ඉක්මවා ගියා.

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය එම සීමාව ඉක්මවා ගියේ පසුගිය ජූලි මස 03 වනදායින් පසු පළමුවරට වීම විශේෂත්වයක්.

ඒ අනුව අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123යි දශම 5යි බින්දුවකින් ඉහළ ගිය අතර දිනය නිමා වන විට එහි මුළු අගය දැක්වුණේ ඒකක 12,053යි දශම 49ක් ලෙසයි.

අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2යි දශම 8ක් ලෙස සටහන් වුණා.  

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ කොටස් වෙළඳපොළේ මහනුවර ශාඛා කළමනාකරු ධනංජය අබේසිරිවර්ධන මහතා.