Wednesday, November 27, 2024

General line - 0115112241

ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටත්ව යයි

ටී කේ ජී කපිල




නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එම සංචාරය නිමා කරමින් අද පස්වරුවේ යළි දිවයිනෙන් පිටත්ව ගියා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 06යි 15ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.                

එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.