Monday, November 11, 2024

General line - 0115112241

මාලිමාවේ සහ සජබ නාමයෝජනා සකස් කිරීම අවසන් අදියරේ - පොහොට්ටුවේ නාමයෝජනා සකස් කිරීම අද සිට




මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්‍ෂකයින්ගේ නාම යෝජනා පත්‍ර සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේ ඉදිරි දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල යොදාගෙන ඇති දිනයන් කිහිපයකදී නාමයෝජනා භාර දීම සිදු කරන බවයි. 

මේ අතර සමගි ජන බලවේගයද නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කර තිබෙනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ ඔක්තෝබර් 10 සහ 11 යන දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල සිය පක්ෂයේ නාමයෝජනා භාර දීම සිදු කරන බවයි.  


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු අද සිට සිදු කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවා. 

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ කණ්ඩායම මහමැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙලෙස අදහස් දැක්වුවා.