Wednesday, November 27, 2024

General line - 0115112241

අත්හිටවූ සහනාධාර ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්




පසුගිය ජනාධිපතිවරණ සමයේදී අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ යම් යම් වැඩසටහන් අත්හිටුවීමට කටයුතු කළද මේ වන විට ජනාධිපතිවරණ කාලසීමාව අවසන් වී ඇති හෙයින් එම වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබා ගැනීම  අවශ්‍ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙනවා.

ඒ අනුව මහකන්නයේ වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලබා දීම, ධීවර සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිඟ මුදලද සමග ඔක්තෝබර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් සඳහා වැඩිකළ දීමනාව ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ විරුද්ධත්වයක් නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාද මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මෙලෙස අදහස් දැක්වූවා.