Wednesday, November 27, 2024

General line - 0115112241

ජීවිත ආරක්‍ෂාවට ගිනි අවි දුන් සිවිල් පුද්ගලයින්ට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්




ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් භාර දීමට කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසනවා.

එවැනි පුද්ගලයින්ට එරෙහිව 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති සියලුම ගිනි අවි සහ පතරොම් නොවැම්බර් මස  07වනදාට පෙර ලබා දිය යුතු වනවා.

ඒ, නාවික හමුදාවේ වැලිසර රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාව වෙතයි.

එහිදී එම ගබඩාව මගින් නිකුත් කරනු ලබන ගිනි අවි සහ පතරොම් භාර ගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගේට්ටුව අසල ස්ථාපිත කර ඇති සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන අංශයේ ලිපි භාර ගැනීමේ කවුළුව වෙත භාර දිය යුතු වනවා. 

සිවිල් පුද්ගලයින් හට ආරක්‍ෂක අංශය මගින් ජීවිතාරක්‍ෂාව සඳහා ලබාදී ඇති සියලුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ඒවා ලබා දීම සලකා බැලීමට නියමිතයි.

කෙසේවෙතත් දේපළ ආරක්‍ෂාව, වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටුයතු සඳහා ආරක්‍ෂක අමාත්‍යංශ මගින් නිකුත් කළ ගිනි අවි එලෙස භාර දීම අවශ්‍ය නොවන බවයි ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.