පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම් අතර තරඟය පස්වරු 03යි 30ට ආරම්භ වීමට නියමිතයි.
ඒ, සාජාහිදීයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟයට එක්වන්නේ පළමු තරඟයෙන් පරාජය වූ පසුබිමක් තුළයි.
ඒ අනුව මෙම තරඟය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක තරඟයක් වනවා.
මේ අතර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරඟය ජය ගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
ඒ, ලකුණු 58කින්. නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 160ක් රැස් කළා.
කෙසේවෙතත් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 102ක් පමණයි.
මේ අතර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර පැවැත්වුණා.
එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 118ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 119ක් රැස් කර ගනිමින් තරඟය ජයගනු ලැබුවා.