Saturday, October 5, 2024

General line - 0115112241

වසර 19කට පසු යළි ඇරුණු පාර




වසර 19 ක් වසා දමා තිබූ කොළඹ මාර්ගයක් යළි විවෘත කර තිබෙනවා.

කොල්ලු‍පිටිය, ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස එලෙස යළි විවෘත කළ බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවේ.

එම මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් පළමුව වාහන ධාවන කටයුතු සිදුවනවා.

එම සංවර්ධන කටයුතු අවසන් වූ වහාම එම මාර්ගයේ ඉතිරි කොටසද විවෘත කරන බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ආරක්‍ෂක හේතූන් මත එම මාර්ගය 2005 වසරේ සිට වසා දමා තිබුණා.