Saturday, October 5, 2024

General line - 0115112241

ලෝක ගුරු දිනය අදයි




 ලෝක ගුරු දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ  "ගුරු හඬ අගයමින් - අධ්‍යාපනයේ නවමු සමාජ කතිකාවතක් සඳහා ඉදිරියට” යන්නයි. 

1994 වසරේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනිකල විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව ගෝලීය උත්සවයක් ලෙස ලෝක ගුරු දිනය සැමරීම ඔක්තෝම්බර් 5 වනදාට යොදාගෙන තිබෙනවා.

ලෝක ගුරු දිනයට සමගාමීව ගුරු ප්‍රතිභා ප්‍රභා 2024 ගුරු ගුණ ඇගයීමේ උළෙල ඊයේ පැවැත් වුණා. 

ඒ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපනල විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ පරිශ්‍රයේදී අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. 

පළාත් මට්ටමින් ඉදිරිපත් කෙරුණු ගුරු භවතුන්ගේ විශිෂ්ඨ ව්‍යවහාර අගයමින් පරිවේණාධිපතිවරුවන් හා පරිවේණාචාර්යවරුන් 22ක්ල පාසල් 28ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන් 81 දෙනෙක් ජාතික මට්ටමින් මෙම ගුරු උපහාර උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා.