Saturday, October 5, 2024

General line - 0115112241

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ




2023 වසරට අදාළ පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන අඅඅගාදැබැඑිගකන වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

එම ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 හෝ 011 2 78 72 21 යන දුරකථන අංක ඇමතිය හැකියි.

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සහ විභාගයේ ප්‍රතිඵල සහතික නිකුත් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.