Saturday, October 5, 2024

General line - 0115112241

පියුමි හංසමාලි යළිත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට




නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යළිත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට තිබෙනවා.

ඒ, එම විමර්ශන කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුවයි.

එහිදී ඇයගෙන් පැය 09කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

පියුමි හංසමාලි හිමිකාරිත්වය දැරූ මෝටර් රථයක් සහ ඇගේ වත්කම් සම්බන්ධයෙන් එලෙස ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වුණේ.

යළිත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ තමන්ට පෙනී සිටිය යුතු දිනය ඉදිරියේදී දැනුම්දෙන බවට ඔවුන් ප්‍රකාශ කළ බවයි පියුමි හංසමාලි වැඩිදුරටත් පැවසුවේ.