Saturday, October 5, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ පිටව ඇති ප්‍රශ්න මෙන්න

එන් ඒ ඩබ් නිරෝෂන්




මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව තිබූ 05, 13 සහ 27 අංකවලට අදාළ ප්‍රශ්න කලින් පිටව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශනවලදී එය අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

මේ ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.