Wednesday, November 27, 2024

General line - 0115112241

කොටස් වෙළඳපොළේ මිල දර්ශකයන් ඉහළ යාමට හේතුව




ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයින් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳපොළේ මිල දර්ශකය ඉහළ යාමට හේතු වූ බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

එවන් පසුබිමක් තුළ ව්‍යාපාරිකයින් කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීමට වෙනදාටත් වඩා විශ්වාසයෙන් සිදුකරන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.


කොටස් වෙළඳපොළේ මිල දර්ශක තවදුරටත් ඉහළ යාම සිදු කිරීමට විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට පියවර ගත යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් කියා සිටියා.