Tuesday, October 22, 2024

General line - 0115112241

ඉන්දු- පකිස්තාන තීරණාත්මක තරගය අද 




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කාගේත් අවධානය දිනූ තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දීය සහ පකිස්තානු කණ්ඩායම් දෙක අතරයි.

තරගය ඩුබායිහීදි ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 03.30ටයි.

පකිස්තානු කාන්තා කණ්ඩායම සිය පළමු තරගය ජයගනු ලැබුවා.

කෙසේවෙතත් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ පළමු තරගය ජය ගැනීමට නොහැකි වුණා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරග දෙකක් ඊයේ පැවැත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේයි.

ඒ අනුව එම තරග කඩුලු 06 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

මේ අතර එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 21ක ජයක් හිමිකර ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 118ක් රැස් කළා.

ලකුණු 119ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනායේදී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 97ක් පමණයි.