Wednesday, November 27, 2024

General line - 0115112241

අර්තාපල් සහ ලොකු ළුෑණු සඳහා පනවා තිබූ ආනයන බද්ද ඉහළට




අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 50ක්ව පැවති අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම ලොකු ලූනු කිලෝවක බද්ද ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මීට පෙර රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූනු බද්ද රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.