Wednesday, November 27, 2024

General line - 0115112241

සරුංගල් යැවූ රුවන් දෙදෙනෙකුට විදුලි සැර වදී 

 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 




සරුංගල් යවමින් සිටියදී  13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුට අධිබලැති විදුලි  රැහැනකින් විදුලි සැර වැදී  බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා 

මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ ,බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත පදිංචි දරුවන් දෙදෙනෙකි

බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත  දරුවා පදිංචි තෙමහල්  නිවසේ ඉහළ කොටසේ සිට  එම දරුවා සහ අනෙක් දරුවා මෙන්ම තවත් දරුවෙකු විනෝදයට යවමින් සිටි සරුංගලය ඒ ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී යාමෙන් අනතුරුව  ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර වැදී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

විදුලි සැර වැදීමෙන් දෙදෙනාගේ අත්වලට පාදවලට , උදරයට පපු ප්‍රදේශයට ගෙලට දැඩි පිළිස්සුම්  තුවාල ලබා ඇති බවත්
ඔවුන් හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත යොමු කල බවයි  නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

බණ්ඩාරගම පොලිසියේ වැඩි දුර විමර්ශන සිදු කරනු ලබනවා.