Sunday, October 6, 2024

General line - 0115112241

මෙරට බන්ධනාගාර ගතව සිටි පකිස්තානු ජාතික සිරකරුවන් 56 දෙනෙකු යළි සිය මව් රටට

ටී කේ ජී කපිල 




මෙරට බන්ධනාගාර ගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56 ක් යළි පාකිස්තානය වෙත මාරු කර යවා තිබෙනවා.

ඒ, සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේයි. බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මෙරට සිර දඩුවම් ලබමින් සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් පිරිසක් මෙලෙස මාරු කර යැවූ බවයි.

ඒ අනුව, කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 64 ක් භාරයේ පාකිස්තාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් අදාළ සිරකරුවන් පිරිස පකිස්තානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් අතර පිරිමි රැඳවියන් 51 ක් සහ කාන්තා රැඳවියන් 05 ක් සිටින බවත් මෙම ගිවිසුම යටතේ රැඳවියන්ගේ සිර දඬුවම තම මව් රටේ බන්ධනාගාර තුළදී නැවතත් ක්‍රියාත්මක වන බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මාරු කර යැවූ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.