Wednesday, November 27, 2024

General line - 0115112241

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදෙස් ජාතිකයින් 40 ක් අත්අඩංගුවට




අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා කළ විදෙස් ජාතිකයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වෙත ලද තොරතුරකට අනුව සිදුකල වැටලීම් දෙකකදීයි.

ගම්පහ, හංවැල්ල පාරේ හෝටලයක සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ රැඳී සිටිමින් එම විදෙස් ජාතිකයින් සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් මඟින් මූල්‍ය වංචාවල යෙදී සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් අතර චීන ජාතිකයින් 30ක්, ඉන්දීය ජාතිකයින් 4ක්, තායිලන්ත ජාතිකයින් 6ක් වන බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් සන්තකයේ තිබී මූල්‍ය වංචාවන් සිදු කිරීම සඳහා යොදා ගන්නා ලද ජංගම දුරකථන 499ක්, ලැප්ටොප් 24ක් සහ ඩෙක්ස්ටොප් 29ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.