Wednesday, November 27, 2024

General line - 0115112241

ජන හා නිවාස සංගණනයේ තවත් අදියරක් අද සිට




ජන හා නිවාස සංගනනයේ පුද්ගලයන්ගේ සහ නිවාසවල තොරතුරු රැස් කිරීමේ කටයුතු අද දින නිල වශයෙන් ආරම්භ කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ සංගනනය සඳහා නිලධාරින් 30,000කට වැඩි පිරිසක් යොදවා ගැනීමට බලාපොරොත්තු වන බවයි. 


මෙවර ජන හා නිවාස සංගනනයක් සිදු කරන්නේ වසර 12 කට පසුව බැවින්  ඒ සඳහා නිවෙස් වෙත පැමිණෙන නිලධාරින් වෙත නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.