Wednesday, November 27, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාර්ථකව අවසන්




25 වන වරටත් සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ රාත්‍රියේ සාර්ථකව අවසන් වුණා.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථාන භූමියේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 27 වනදා ආරම්භ වුණා.

පුරා දින 10ක් පැවති පොත් ප්‍රදර්ශනය සඳහා ලක්ෂ 20කට අධික පාඨක පිරිසක් පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පැවසුවේ.


මේ අතර දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව පොත් කැටය ව්‍යාපෘතිය මෙවර ද සිදුකෙරුණා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබූ නෙත් එෆ් එම් කුටියට පැමිණි ශ්‍රාවකයින් ඒ සඳහා තමන් මිලදී ගත් පොත් පරිත්‍යාග කළා.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු තමන්ට ලද අවස්ථාව පිළිබඳ මෙලෙස අදහස් පල කළා.