Wednesday, November 27, 2024

General line - 0115112241

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි




දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.


මෙම දිනවල අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බැවින් ඒවායින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.


අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ධීවරයින් ද වැඩි අවධානයක් යොමුකල යුතු බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.


පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 04 කට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.  

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා හෙට පෙරවරු 09.30 දක්වා පළමු මට්ටමේ හා දෙවන මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.