Tuesday, October 22, 2024

General line - 0115112241

පකිස්තානය පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විස්සයි විස්ස ජයක්




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කාන්තා ක්‍රික්ට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 105ක්.

කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 30 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නියන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ජයග්‍රාහී ලකුණු 106 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 108 ක් රැස්කර ගනිමින් තරගය ජය ගත්තා.

ෂෆාලි වර්මා ලකුණු 32 යි. 

මේ අතර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 06 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනායේ කඩුලු 08 ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 99 ක්.

ජයග්‍රාහී ලකුණු 100 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 11 යි පන්දු 04 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 101 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.