Tuesday, November 26, 2024

General line - 0115112241

මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්




ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදෙනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සියලු අපේක්ෂකයින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ අදාළ තේරීම් භාර නිලධාරි වෙත භාරදිය යුතුයි.

එමෙන්ම 99 (අ) ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්සකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

නාමයෝජනා පත්‍රය සමඟ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත් වීම දණ්ඩනයකට යටත් විය යුතු වරදක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා. 

ඉදිරි මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම ලබන 11 වනදා මධ්‍යහ්න 12.00න් අවසන් වනවා.

මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතයි.