Tuesday, October 22, 2024

General line - 0115112241

ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජයසූරිය ඉදිරි වැඩපිළිවෙල පහදයි

එන් ඒ ඩබ් නිරෝෂන්




තමන් කිසිදු ක්‍රීඩකයෙකුට විශේෂ සැලකිල්ලක් නොදක්වන බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසනවා.

ක්‍රිකට් කණ්ඩායම තෝරාගනු ලබන්නේ කණ්ඩායමේ සහ රටේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


ඔක්තෝම්බර් පළමුවනදා සිට 2026 වසරේ මාර්තු 31 වනදා දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පකත්කර තිබෙනවා.

පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ පත් කිරීම සිදු කිරීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.