Friday, November 22, 2024

General line - 0115112241

නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරේ වෛද්‍යවරුන් 05ක් - ආචාර්ය මහාචාර්ය ඉංජිනේරුවරුන් 04ක්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කර පසුව වෙනත් පාර්ශවවලට වෙන්ව ගිය කොටස් නැවත එක්ව දේශපාලනය කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් එම සාකච්ඡා සිදු වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. 

ඒ අනුව දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් තිදෙනා සහ එම පක්ෂය හැර ගොස් වෙනත් පක්ෂවලින් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක් කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට සාකච්ඡා කර තිබෙනවා. 

එම කණ්ඩායමට විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් එක් කර ගැනීමටද එම පාර්ශවයේ අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.  

මේ අතර, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. 

මාලිමා ආණ්ඩුවට සහය දීමට  අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් සිටින බැවින් තමන් ආණ්ඩුවට සහය දැක්වීමට අපේක්‍ෂා නොකරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.