Tuesday, November 26, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් කැඩී ගිය පිරිස ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට




ගෑස් සිලින්ඩර් ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමඟ සන්ධානගතව ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව පොදුජන එක්සත් නිදහස් සන්ධානය පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60කට ආසන්න පිරිසකගේ සහාගීත්වයෙන් පොදුජන එක්සත් නිදහස් සන්ධානය පිහිටුවා ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ ලේකම් හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ.


ඉදිරි දින කිහිපය ඇතුළත නාමයෝජනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මැතිවරණ කටයුතු ආරම්භ කරන බව එහිදී අදහස් පල කළ හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.


මේ අතර සමගි ජනබලවේගය යටතේ දිස්ත්‍රික්ක කිහිපයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා.

එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.